ගී පද
ආදරයක අරුත කියන ඔය නිල් දෑසට
වසඟ වෙලා මා නොදැනීම මේ මුළු හදම
යළි යළි නෙතු දැකිමට සිත කියන්නේ
(ඒ තරමට පින් මදිවද සිතෙයි ජීවිතේ.......//)
ජීවිතයට ආදරයක් පතනෙමී සසරේ
සිටිය මොහොත නෙතු අතරට ඔබ මුණ ගැසුණේ
ඔය නෙත් යුග ජීවය එළියෙන් සිදුවේ
(ඒ එළියද අඳුරක් අද මගේ ජීවිතයේ......//)
නිදි වරමින් රෑ තුන්යම ඒ නෙතු සිම්ඹේ
ඔබ සොයමින් නෙතු වැලපෙයි රෑ තුන්යාමේ
ආදරයෙන් ළං වන්නටවත් එන සසරේ
(සිහිනෙන්වත් ඇවිදින් ඔබ ඉන්න නිවහනේ......//)
ආදරයක අරුත......