ගී පද
මද සුළඟ මල් සුවඳෙ බැඳුනා
මල් සුවඳ මද සුළඟෙ බැඳුනා
විල් දියෙහි සඳ එළිය බැඳුනා
සඳ එළිය විල් දියෙහි බැඳුනා
මේ නැවුම් හැඟුමට කියන්නට
වචන නොමැතිද ලෝකයේ
ආදරයද මේ...
ජීවිතයද මේ...
ආදරයද මේ...
ජීවිතයද මේ...
ආදරය ඔබෙ හදට බැඳුනා
ඔබෙ හදට ආදරය බැඳුනා
මේ දියත මා සුරතෙ රැඳුනා
මා සුරතෙ මේ දියත රැඳුනා
මේ නැවුම් හැඟුමට කියන්නට
වචන නොමැතිද ලෝකයේ
ආදරයද මේ...
ජීවිතයද මේ...
ආදරයද මේ...
ජීවිතයද මේ...