ආදරණිය දෑස් දිහාaadharaniya dhaes dhihaa

Adaraneeya Das Diha

සංගීතය:
රුවන් වල්පොලruwan walpola
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

(ආදරණිය දෑස් දිහා බලන් ඉන්න හිතයි සදා
ඔබ මා දෙස බලන තුරා බලන් ඉන්න හැකියි සදා......//)

කවදා හො කෙදින හෝ හමු වූ වගක් නැති
මතකයේ ඇසුරකින් සෙව්මුත් මතකයවත් නැති
අඳුරේ රහසේ පිපෙනා පුර හඳ සේ
මිහිරේ හැඟුමන් ඉපදුණා මා හදේ
(ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//)

ආදරණිය දෑස්......

නින්දේ නොනින්දේ සිහිවන එකම ඇති
ඔබගේ හැඩ රූ හිත මත ඇඳෙන හැටි
ඒ වුණත් ඒ බවක් ඔබහට කියත හැකි 
ශක්තියක් මා හට නම් නෑ ලැබී 
(ඔබ කව්රුන්දෝ මා සලිත කළේ.......//)

ආදරණිය දෑස්......