ආදර වෙඩිල්ලaadhara wedilla

Adara Wedilla

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

හීරෙනා පපුව දිගේ වේදනා කන්ද වගේ
නුඹ ළඟින් උන්නු දිනේ දිනපොතේ ලිව්වා මා
ආදරයේ උණ්ඩයෙන් මිය යමු තුටින්
පෑරෙන මතකයෙන් අරන් සමරමු දිනක්
ඔබ ඉන්න මානේ ඔහු ඉන්නවානේ
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ
මා කළ පවත් ඔබ කළ පවත් 
ඔහු කළ පවත් සසරේ දිගක්.....

හුස්මට වුණත් පෑරෙනා හිතක උරුමේ
ඇති නුඹට මා දුන් එදා 
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබමයි සෑමදා 
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.....
මා කළ පවත් ඔබ කළ පවත් 
ඔහු කළ පවත් සසරේ දිගක්.....

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා 
ලෝකය කියයි දිනෙක ආදර කතාවේ
අතරේ අපිත් ඉන්නවා 
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ.....
(මා කළ පවත් ඔබ කළ පවත් 
ඔහු කළ පවත් සසරේ දිගක්.....//)