ආදර වෙඩි උණ්ඩයෙන්aadhara wedi undayen

Adara Wedi Undayen - Heerena Papuwa Dige

ගී පද

හීරෙනා පපුව දිගේ
වේදනා කන්ද වගේ..
නුඹ ළඟින් උන්නු දිනේ..
දින පොතේ ලිව්වා මා..
ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..

හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
ඇති නුඹට මා දුන් එදා..
ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
තැවුනේ ඔබයි සෑම දා....
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..

මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
ඔබ ළඟ එදත් ඉන්නවා...
ලෝකය කියයි දිනක ආදර කතාවේ..
අතරේ අපිත් ඉන්නවා...
විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..
මා කළ පවත් ඔබ කළ පවත්
ඔහු කළ පවත් සසරේ දිගක්..