ආදර සැමරුම්aadhara saemarum

Adara Samarum

සංගීතය:
සනත් නන්දසිරිsanath nandhasiri
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//)
එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ

(දහසක් මිණි මල් ලියකම් - පෙම පිදුවූ රන් කැටයම්...//)
යමුනාවේ තරඟ මතින් මට පිළිඹිඹු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා

ආදර සැමරුම් කැටි වූ....

(අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළුෑ කඳුලු ගලා....//)
මැදුරත කිරි ගරුඬ පවුරු පබා කැළුම් දේවා
සනාතනවූ පෙම් සටහන් එහි සිතුවම් වේවා

(ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ...//)
එවන් නිමල මැඳුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දේවියේ 

ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුලින් මුතු පබුළින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තිරේ - යමුනා තිරේ
යමුනා තිරේ - යමුනා තිරේ