ආදර පුතේaadhara puthee

Adara Puthe

සංගීතය:
අමිත් ගුරුamith guru
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

ආදර පුතේ....... 
(නුඹ එනතුරු මග බලන් ඉන්නේ අම්මයි තාත්තායි.....//)
මගේ සිහසුනේ.....
(රජකිරුළු දරා හෙට දවස අපේ නුඹම තමයි....//)

බිත්ති පුරා නිල් පාට වෙලා 
අළුත් ඉරක් ගෙට එළිය වෙලා
සිඟිති රටා නුඹේ සේද පුරා
මව්ගේ අතින් ලස්සනට ගොතා
(අනාගතය වෙලා නුඹ අපේ ලොවේ
රජකමට සමයි නුඹ මගේ පුතේ.....//)

ඇය කීව දිනේ ඔබ එතැයි කියා
පිය පදවිය මට උරුම කළා
මුව සිඟිති සිනා නුඹේ දකින තුරා
නෑ ඉවසිලි මගේ හිතට පවා
(අනාගතය වෙලා නුඹ අපේ ලොවේ
රජකමට සමයි නුඹ මගේ පුතේ.....//)

ආදර පුතේ.......