ආදර නෙතුaadhara nethu

Adara Nethu

සංගීතය:
චමින්ද කුමාර කංකානම්ගේchamindha kumaara kankaanamgee
පද රචනය:
චමින්ද කුමාර කංකානම්ගේchamindha kumaara kankaanamgee

ගී පද

මුවින් නොදොඩා නෙතින් හමුවී 
දිනෙන් දින මා ඔබේ වූවා    
නොයමි කිසිදා මගෙන් මිදිලා 
සසර මියෙනා තුරා මෙමට කීවා 
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ 
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු 

රන් හුයින් බැඳ දෑත පටලා සොඳුරු සෙවනක 
සෙනෙහසින් හිඳින්නයි මා සිහින මැවුවේ
නුඹේ දෑතේ වෙලී එදා 
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ 
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු 

අප නමින් අප තැනූ ලෝකේ 
කඳුලු මැද මා තනි කර දමා 
හෙලන සුසුමන් කඳුලු අතරේ 
නුඹට නොදැනේද රත්තරනේ 
නමුදු ඇයි නුඹ ගියේ - අඳුරු කර ජීවිතේ 
සසර මියෙනා තුරා - ආදරෙයි මගේ නෙතු 
  
මුවින් නොදොඩා නෙතින් හමුවී....