ආදර ළඳුනේaadhara landunee

Adara Landune

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
ඉසුරු උමේෂාන්isuru umeeshaan

ගී පද

රණ තිසර රුවැති ළඳුනේ
මීවිත පිරි ඔය දෙතොලේ සැනසෙන්නම් අද රහසේ
ආදරියේ පණ මාගේ
පෙර දිනෙක එදා බැඳුනේ මා තනිව උන්නු මොහොතේ
ඔබේ ආදර ඔය පහසේ පින පහල කළා මාගේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)

මුදු සිහින රුවන් මහදේ පායාපන් අද රහසේ
උරතලයේ මා රහසේ සැනසෙන්නම් මද පහසේ 
සිතුවම් මා හද රැන්දූ ඔය රුව පිනකට ලැබුණාදෝ
රත්තරනේ ළං වී ඉන්නම් ආදර ළඳුනේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)

(මේ හිතම පිරී උතුරා ආදරේ නුඹට බෝමයි
ඔය මුවට සිනහා කැන්දා රන් සිහින සදාලයි....//)
ළඳුනේ ආදර  ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ
ළඳුනේ ආදර  ළඳුනේ ළඳුනේ ළඳුනේ ළඳුනේ
(ළඳුනේ ආදර ළඳුනේ
බැඳුනේ මා හද බැඳුනේ හැඟුමන් මා හද රැඳුනේ
සනසාවී හිත මාගේ.......//)