ආදර දෙනෙතේaadhara dhenethee

Adara Denethe

සංගීතය:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
පද රචනය:
සුජීව ආටිගලsujiiwa aatigala

ගී පද

ආදර දෙනෙතේ පාවෙන හසරැල් සිහිනෙන් සිහිනෙට පෙනුණ හැටි
පුන්සඳ වාගේ ලස්සන මුහුණට නොදැනීම ආදරේ දැනුණ හැටි
නෙතින් කියූ පෙම් රහසක් සිත ළඟ ආදර පෙම් කවි කියපු හැටි
මටත් හොරෙන් මගේ හද පතුලේ ඔබ වෙනුවෙන් ආලය පිරුණු හැටි...

සීතල සුළඟේ ඉන් හසරැල්ලේ ඔබගේ උණුසුම දැනුණ හැටි
ගීතයකින් ඔබ හද පතුලේ පෙම මාගේ සවනට ඇසුන හැටි
නිලුපුල් දෙතොලේ සුසිනිඳු බව රැඳි උණුසුම ටික ටික දැනෙන හැටි
ඔබගේ සුවඳට මත් වූ මගේ සිත සැමදා ඔබටම බැඳුණු හැටි...

නිම නොවෙනා ආදරයක් සමගින් මට රැකවරණය දුන්නු හැටි
කියාගන්න බැරි සතුටක් ඔබ ළඟ ඉන්නා විට මට දැනුන හැටි
දාහක් පැතුමන් පොදි බැඳගත් අත අපගේ ලොව සුව විඳින හැටි
ඔබට වඩා වෙන සැපතක් ලොව තුළ ඇතිදැයි සිත තුළ මැවෙන හැටි...

ආදර දෙනෙතේ...