ගී පද
ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි
ආදර දේදුණු පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම්
කුළුදුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාතියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා
ආදරේදෝ මට ආදරෙදෝ
ඈතින් පායා ....
හසරුල් සුසුමේ පැටලු තනුවක්
මතුවන මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන්
ආදරේදෝ මට ආදරෙදෝ
ඈතින් පායා ....