අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේandanne aeyi sudhu maenikee kiyanna pana maagee

Adanne Ai Sudu Manike Kiyanna Pana Mage

ගී පද

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ඔයාව ජීවිතයේ මට හමුවුනු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුනේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගෙයි
ප්‍රියාවි රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

(අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ...//)
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ