ගී පද
ආඩම්බර සඳවතී - ඔබ එන මග මල් පිපි
සිත් අරණට සමවැදී - මා ගත අඩපන කළා //
ආදර නෙත සඟවන්නට බැහැ මට සමනළියේ
දේදුන්නට පාර කියනවද ආඩම්බරකාරියේ
සිත් යහනේ මා පැටලී ඔබ ළඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්
ආඩම්බර සඳවතී .../
සිතල කඳු මුදුන් අතරේ ඔබ සුවඳයි රැදුනේ
හිමිකරගන්නට ඔය රතු කම්මුල් මග බලමින් ඉන්නේ
සිත් යහනේ මා පැටලී ඔබ ළඟ දැවටෙන්නම්
සඳ තරු අතරේ සැඟවී ඔබ එන මඟ ඉන්නම්
ආඩම්බර සඳවතී ...//