අදාළම නෑadhaalama nae

Adalama Na

සංගීතය:
චතුරංග ඩිසිල්වාchathuranga disilwaa
පද රචනය:
ගිහාන් රොද්‍රිගෝgihaan rodhrigoo

ගී පද

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං //

සිතියම නැතිම නං
යමු පාරක් හදං
සුදු සඳට වුණත් අපි යං
තරු කැට අහුලලා
බෝතලයක දමා
රෑ කට්ට කලුවරේ යං

සංසාරේ මං ඔයාගෙ කිව්වට ඕව වෙනස්වෙනවා
(අදාළම නෑ)
පුන්සඳ කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා
(අදාළම නෑ)
අතමිට ඇතිදා සැණකෙලි සැමදා නැතිදා තනිවෙනවා
(අදාළම නෑ)
රෝස ලස්සනයි ඒත් කටු ඇනුනොත් හිල්වෙනවා

අදාළ පාරෙන් යං
හරි සරිගම පද අල්ලං
මොකටද බොරු සෙල්ලං
කන්ද දැන් පස්සේ පල්ලං //

මදපවනට මදී
රතු සරුවත් බිබී
ඇස් ළාවට පියං අපි යං
දේදුන්නක් නවං
යානාවක් මවං
අර පේනා සුර ලොව අස්සෙන් යං

සංසාරේ මං ඔයාගෙ කිව්වට ඕව වෙනස්වෙනවා
(අදාළම නෑ)
පුන්සඳ කොච්චර ආදරේ කළත් අමාවකේ යනවා
(අදාළම නෑ)
අතමිට ඇතිදා සැණකෙලි සැමදා නැතිදා තනිවෙනවා
(අදාළම නෑ)
රෝස ලස්සනයි ඒත් කටු ඇනුනොත් හිල්වෙනවා