අදයි අවසන් දවසadhayi awasan dhawasa

Adai Awasan Dawasa

ගී පද

අදයි අවසන් දවස කුමරිය 
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන 
යායුතුය අප හෙට දිනේ...

කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා 
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...

කෙදින යළි හමුවේද විසඳුම 
දෛවයේ පාමුළ තියා 
සුව සිහින උඩුගම් බලා ගොස්
සැඩ දියේ සැඟවී ගියා
ප්රේදමයේ නාමයෙන් කුළුඳුල්
කඳුල  නෙතඟින් ගිලිහුනා 
ප්රේඳමයද බර මහමෙරද බර
මුල්වරට මට වැටහුණා.....

අදයි අවසන් දවස කුමරිය 
සොදුරු සරසවි ජීවිතේ
හඬා වැටෙනා හදින් සමුගෙන 
යායුතුය අප හෙට දිනේ...

කිසි දිනක නොසිතුවෙමි සිවුවස
කෙලවරක් එළඹෙයි කියා 
අනේ දෙවියනි නොදැන සිටියෙමි
වෙන්වීම දුකකැයි කියා...