අද පමණක් නොවේadha pamanak nowee

Ada Pamanak Nowe

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
කරුණාරත්න අබේසේකරkarunaarathna abeeseekara

ගී පද

අද පමණක් නොවේ අපට හෙටක් තියනවා
අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...
 
උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදා ගිරෙන් උදා වෙමින් හිරු එනවා සේ 
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...
 
මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
දිගන්තයේ ජය දද නැගුහෙළ දෑ වරුණයි 
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
මෙම නිදහස දිවි හිමියෙන් අප හට උරුමයි...