අද ඉපදුණු නැවුම් ලොවට adha ipadhunu naewum lowata

Ada Ipadunu Navum Lowata

ගී පද

අද ඉපැදුනු නැවුම් ලොවට සිවු දෙවියනි වරම් දෙන්න 
පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න //

උපන් බිළිදු නහවන්නට රුවන් පිරිත පැන් වඩති 
සිරිමා බෝපත් සෙලැවී මෙත් සිහිලෙන් සුවය දෙති
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිති
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී
කල්පයකට ආයු දෙතී

අද ඉපැදුනු

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරි මවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිදු දෝත දෙතී
සමන් දෙවිදු දෝත දෙතී

අද ඉපැදුනු ....//