අද හවසට මාadha hawasata maa

Ada Hawasata Ma

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලා ගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා

නර්තන රංගන සිතුවම් එනවා 
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමඟින් 
රැඟුම් බලන්නට යන්නට එනු මැන

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලා ගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා