අද හවසට මා හමු වනු මැනවීadha hawasata maa hamu wanu maenawii

Ada Hawasata Ma

ගී පද

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා...

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමගින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන...

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන...

අද හවසට මා.....