අද දීගෙකadha dhiigeka

Ada Deegeka

ගී පද

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිර කර ගෙන සිටියෙමි ඉවසාලා

(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...//)

මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...//)

අද දීගෙක....
(පුංචි නංගියේ.. මගේ පුංචි නංගියේ...////)