අද අපි ඉන්නේadha api innee

Ada Api Inne

ගී පද

චිත්‍රපටය : සත පනහ (1965)

අද අපි ඉන්නේ විනෝදෙන්ම මත් වී 
ඔව් මේ රෑ
කවුරුද ඉන්නේ හොරා වගේ මත් වී 
එය හොඳ නෑ

මම නැළවෙන්නේ ඔබේ සිතේ හැංගී
ඔව් මේ රෑ
සුරලොව යන්නේ මෙහේ ඇවිත් සැමදා
ඔව් මේ රෑ

සැනසෙමු නැළවෙමු නටා අපි
එකතුව රිසි ලෙස සිනා සිසී
පැද්දෙන නැලැවෙන රැඟුම් බලා
පැද්දෙන නැලවෙන රැඟුම්

අද අපි ඉන්නේ විනෝදෙන්ම.... 

හැමටම එක ලෙස ආදරයයි
මම ඔබගේ පෙම් සාගරයයි
පෙම් ලොව සුරතලි මා ඔබේ
පෙම් ලොව සුරතලි මා

අද අපි ඉන්නේ විනෝදෙන්ම...