අද අපේ තාත්තාadha apee thaaththaa

Ada Ape Thaththa

සංගීතය:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
පද රචනය:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

ගී පද

අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපුදේට මට 
කට උත්තර නෑනේ..

කාත් එක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ 
අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ

ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ
ම්..කියපු ගමන් කන හරහට පාරක් 
තාත්තා මට ගැහුවේ

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ 
මෙන්න තාත්තා ගහනෝ..
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
එලව එලව ගහනෝ..
(ගහනවෝ - බයිනවෝ 
එලව එලව තාත්තා ගහනෝ..//)

ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ..
පැණි හල හල හිටි මම 
අප්පොච්චට ඇයි අසුවුනිදෝ
පෙමකට මෙතරම් බාධාදෝ...

එදා ඉදගෙන හිටගෙන 
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා..
(අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා...//)

ඉලන්දාරි කාලේ උම්බලා වගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ..
කොහොමත් ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ...
(ඔහෙ හිටු)

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ....

hold on අප්පොච්චි මතකදෝ ඔබ කොලු ගැට කාලේ නටපු නාඩගම් 
කොලු කම් මං කරොත් වැරදිදෝ 
බෙල් බොටමක් ගහගෙන පෙම් කල පෙම්වතා 
පුතුගේ ප්‍රේමයට දුෂ්ටයා වෙලා හර්දේ මාළිගා බිඳ දමා 
මෙයා කන් දෙක පැලෙන්න සැර කතා කියා
somebody gonna get hurt daddy 
nobody get to try to stop me  
yes I 'm in love with that beauty   
no one ever feel guilty  
your in forties and I'm in twenties 
yes I 'm ready to face it  
කොපමන බාධා  ආවත් work it 
කිම පාරන්නට අපගේ මේ සිත්                                              
will fall in love there's no exit          

අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
අයි අයි අයියෝ අයියෝ අම්මියෝ
ගහනවෝ - බයිනවෝ 
එලව එලව තාත්තා ගහනෝ

අද අපේ තාත්තා ගෙදර....
කාත් එක්ක ද බොල තෝ....
ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි....