ගී පද
ආච්චි අම්මා අපේ ගෙදරට ඉන්නා
ගුරු හරුකම් කියලා දෙන ආච්චි අම්මා
පන්සල් යන්නේ පෝයට සිල් අරගන්නේ
ආච්චි අම්මා අපේ ආච්චි අම්මා...
සුවඳ හමන මලක් වාගේ
මුළු ලෝකෙට සුවඳ දෙන්න
ඉගෙන ගන්න උගත් වෙන්න
මිනිසුන් හට පිහිට වෙන්න
(ආච්චි අම්මා අපට කියාලා දෙන්නේ...//)
ආච්චි අම්මා...
හිමිදිරියෙන් අවදි වෙන්න
කම්මැලි වී එපා ඉන්න
රටටම වීරයෙක් වෙන්න
ගුණ දහමට ලැදිව ඉන්න...
(ආච්චි අම්මා අපට කියාලා දෙන්නේ...//)
ආච්චි අම්මා...