ගී පද
සතුටින්ම ඉන්න කීවේ
දුක දීලා යන ගමන්
නුඹ කියූ ආදරේ යලි අරන්
නොහිතන්න එන්න පෙර සේ
හිනැහීලා ආයෙ නම්
රැවටෙනූ බෑ හිතේ නුඹ තියන්
නැතුවත් ඉතින් දැනුනේ.. මාගේ හිත මේ..
මොහොතක් ගානේ නුඹගේ ගැනමයි
හිතුවේ මා එදා
(අචල හිතක් නැති නුඹ ගාව
නතර වුණේ මා රැවටී
චපල වුණත් මට හැමදාම
නුඹට කලේ නෑ වැරදී)..//
මතකයි අද වගේ මුණ ගැහුන මුල්ම දා අපී
ඇඳී තිබුණෙ නුඹගේ රුවමයි හිතේ
එකටයි ජීවිතේ දුර යන්න සැරසුනේ බැඳී
මගින් නතර වූයේ නුඹමයි එසේ
නැතුවත් ඉතින් දැනුනේ....
කඳුලයි හැමවෙලේ තනි මැකුවෙ මා ළඟින් රැඳී
එදා දැනුනෙ නැත්තේ සිත ඇයි මගේ
රිදුමයි හදවතේ මට පෙන්නු ආදරේ හැටී
ඒත් මා පැතූවේ සතුටයි නුඹේ
නැතුවත් ඉතින් දැනුනේ....