අබුඩාබියේ දීයabudaabiyee dhiiya

Abudabiyediya

ගී පද

අබුඩාබියේ දීය දායබර ස්වාමිනී
කිළිටි වූ ගැහැණියක ලෙස ඔබට ලියන්නෙමි
නොකිළිටිව ඔබ සැවොම අහෝ රැක ගත නොහැක
මගේ පව් සමාකර මේ ලිපිය කියවන්න

අරාබියේ මොළේ නැති කාලකණ්ණින් සමඟ
වැතිර හිඳ වෛරයේ ගිනි ගොඩේ පැහෙන්නෙමි
මා සිරුර මගේ නොව අනුන්ගේ යැයි සිතා
ඩිරාමය ඩිරාමය ගණන් කර බලන්නෙමි

මේ අපා දුකට මා පත් කලේ මගෙ රටයි
මගෙ රටේ මහ එකාලයි උන්ගෙ පන්තියයි
එන්ට හැකිනම් උන්ට කරන දේ දන්නවා
ගමන් බල කරදාසි අරාබියෙ උන් ලඟයි

අනුන් හට අත නොපා දිවි ගෙවූ ජාතියක්
කාණු හෝදන්ට නොරටක යැවූ අය කවුද
උන්ට හෙණ හත වැදී නැසේවා නැසේවා
මා ඔබේ ප්‍රියාදර පියවතී ස්වාමිනී