ගී පද
ආත්තම්මගේ ලොකු ආතාගේ
මූණේ හිනා වැහි වාස්සන
ගමට යන්න සතුටු වෙන්න//
නිවාඩු ඇවිදින්
සතුටු වෙන්න නිවාඩු ඇවිදින්...
දෙවටේ අරලියා වදුලේ එරමිණියා
කරඹ කැලේ//
රිංග රිංග ගෙඩි කඩන්න
නිවාඩු ඇවිදින්
ගෙඩි කඩන්න නිවාඩු ඇවිදින්...
ආත්තම්මගේ...
වතුර පිරැණු ඉපනැල්ලේ
වේලි ඇලේ බොර වතුරෙන්//
ජබු ජබු ගා දුව පනින්න
නිවාඩු ඇවිදින්
දුව පනින්න නිවාඩු ඇවිදින්...
ආත්තම්මා එක්ක සවස
මල් නෙලලා බුදුන් වැඳලා
ආදී කාලේ වග අහන්න//
නිවාඩු ඇවිදින්
වග අහන්න නිවාඩු ඇවිදින්...