ඈත එපිට ගම්මානෙන්aetha epita gammaanen

Aatha Epita Gammanen

ඇල්බමය
Adara Samarum

ගී පද

(ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද 
ඇය නිදි නොමැති පැලේ...//)

(මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවනේ...//)
බලා හිඳිමි ඔබ හිඳින බිමන් දොර
දැල්වෙන එලිය බඳේ

ඈත එපිට ගම්මානෙන් නැග එන......

(වේදනාව නෙතු අගට ගලාලා 
ඉකිලන නිහඬ රැයේ...//)
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ

ඈත එපිට ගම්මානෙන් නැග එන......//