ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේaetha aetha chandhra mandalee

Aatha Aatha Chandra Mandale

ගී පද

(ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
සැංගුවාද ආදරේ අපේ
සැංගුවාද ආදරේ අපේ...//)

(අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ....//)
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ....

ඈත ඈත චන්ද්‍ර..../

(පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා....//)
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ 
ඔබ හින්දා දුක් කඳුලේ තනිවීලා....

ඈත ඈත චන්ද්‍ර....//