ගී පද
ඈ නුවන් තාරකා දල්වා වෙන්වී ගියා
නෑ ආදරේ ඈ සිතේ මා තරම් //
ලංවී පෙමින් මංමත් කර ඈ හැඟම්
පාවී ගියා මීදුම් කඳුළක් ලෙසින්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා .........
සුන් වූ හදින් පැතුමන් බොඳ වූ ලොවින්
ආයේ දැනෙයි සුවඳක් සිරුරේ ඇගෙන්
නෑ ආදරේ ඈ සිතේ මා තරම්
ඈ නුවන් තාරකා ...........