යුවතියකටyuwathiyakata

Yuwathiyakata

Lyrics

යුවතියකට ඔබ ආදරේ නම්    
ඇයට පවසන්න 
පැවසීමට අතපසු වේ නම් 
ඇය ගැන නොසිතන්න...//

අතින් අතට යන යෙහෙලියනේ 
හදවත් නොකඩන්න
ඔබේ ආදරේ පැතූ යහළුව
එපා තව රවටන්න 
ආදරයයි ජීවිතයේ අරුත 
එපා එය කෙළෙසන්න 

අප ජීවිතයේදී හැම මොහොතක් 
විමසිලිමත් වෙන්න 
නිසසල දිය ඇළ මතුපිට ලස්සන 
නොව ගැඹුරත් දන්න
ආදරේ කරන්න පෙර යහළුව 
දෙවතාවක් සිතන්න 

යුවතියකට ඔබ ආදරේ නම්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.