යුගයෙන් යුගයේ ඔබ දුටුවාyugayen yugayee oba dhutuwaa

Yugayen Yugaye Oba Dutuwa

Lyrics

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රිෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය

යුගයෙන් යුගයේ ....

සුන්බුන් වූ විට සැඩ සුළගේ
දියපිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය

යුගයෙන් යුගයේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.