යෙහෙලියක සේ සොයුරියක සේyeheliyaka see soyuriyaka see

Yeheliyaka Se Soyuriyaka Se

Lyrics

යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුළු දෑසින් //

හැඳින ගත්තේ අප මුලින් පෙම්වතුන් වීමෙන්
අප උපන්නේ ඒ දිනේ ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින්
යෙහෙලියක සේ සොයුරියක සේ  පෙම් කඳුළු දෑසින්

යෙහෙලියක සේ ....

ඔබම ඔබේ සිත රවටමින් අහක බැලූ දවසේ
ඔබ ඉවත හල මා අදත් හඬමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ ඔබ දිහා එලෙසින් 
යෙහෙලියක සේ සොයුරියක සේ  පෙම් කඳුළු දෑසින්

යෙහෙලියක සේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.