යායෙන් යායේyaayen yaayee

Yayen Yaye

Music:
සරත් වික්‍රමsarath wikrama
Lyrics:
නිලාර් N කසීම්nilaar n kasiim

Lyrics

(යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්//)
කාටත් හොරෙන් ළංව රෑ තුන්යමේ
හීනේ මගේ පාට ගාපන් ළඳේ
යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්.....

පෙම් සිලිලාරේ රළ රැලි නැගුනේ ආදරයෙන්
පුන් සඳ පානේ කොද මල් පිපුනේ ආදරයෙන්
ඔය මුව කමලේ මුකුළු හිනා හෙලුවේ මා හද මතක ඉනා
පෙම් යුග ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා.....

යායෙන් යායේ පෙම් මල් වාරම් මෙසේ
ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්.....

මල් මකරන්දේ සුවඳින් පිරුණේ ආදරයෙන්
සීත සමීරේ තුරු මත එතුණේ ආදරයෙන්
ඔය ලැසි ගමනේ ලලිත ලතා මුමුණයි මා වෙත බොළඳ කතා
ජීවන ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා.....

යායෙන් යායේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.