Lyrics
යායට පායනා පෝදා සඳ
තෙත බේරෙනා පිණි දෝරෙක
හිත පාරනා මේ මා දුක
සැපසේ වින්දා
හෙට රෑ වෙලා එලිවෙන සඳ
හිත හාරනා මහ පාලුව
නුඹ ගන්නවා නම් ආපිට
යනවා...කැන්දා...
වෑහෙන්නම් මා ඉඳහිට ඒ සඳේ ඇදිලා
සෑහෙන්නම් මා නුඹගේ ඇස් පුරා රැඳිලා
තනි පැලේදී තනිව උරගෑ රෑ ගණන් බලලා
අවේලාවක පෑයූ තරැවී පෑ බැලුම් හින්දා
තනි ඇතා සේ හිතින් හිතපු මල් වියේ අරුමේ
නුඹ නිසාවෙන් ඉබේ පිරුණු ආලයෙන් බැඳුනේ
තරු ගනිද්දී නුඹම පෙන්වූ හීනයේ ගිලිලා
සැපට ඉද්දී පැතුම් සේරම කලුවරේ වින්දා
මල් බිසෝවී මෙමට දුන්නු සතුට යළි ගත්තා
නුඹ පතා මං එක සිතින් පිදු ජීවිතේ මැරුණා
යායට පායනා....