Lyrics
සසර ගමන් මග අත්වැල් බැඳ නුඹ
මා හා ආවද යශෝධරා
රළු හිතකට නොදැනුන ඒ ප්‍රේමය
සිටියද නුඹ ඔය හිතේ දරා
හිමිව අහිමිවුන මගේම සෙනෙහස
කඳුලු ඉපැදුවද රැයක් පුරා
බිඳුනු පෙමක සිහිවටන අතරමැද
නිදිවැරුවද නුඹ යශෝධරා
මා නොඑනා බව දැන මග බල බල
දෙනුවන් තෙමුනද ලොවට හොරා
නුඹටත් නොකියම නික්මුනු දා සිට
දුක දැරුවද නුඹ යශෝධරා