යන්තමට මගේ දිහාyanthamata magee dhihaa

Yanthamata Mage Diha

Music:
මාධව හේවාවසම්maadhhawa heewaawasam
Lyrics:
චතුක මධුරංගchathuka madhhuranga

Lyrics

යන්තමට මගේ දිහා
පුංචියට වගේ බලා
හීනියට හිනා වෙලා 
අන්තිමට ඔයා ගියා

හැංගුවට හිතේ කතා
නෙත් දෙකට වශී වෙලා
මං මඟට වෙලා බලා
පන්තියට වෙලා ගියා

ඇස් දෙකට වහන් වෙලා
හදවතට කතා කලා
දැන් හිතට මගේ ලඟට ඔබේ එන්න හීතීලා
නෑ මේ තරම් ආදරේ කාටවත් දැනීලා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

රෑට මගේ හීන දිගේ
එන්නෙ මොකෝ හොරා වගේ
පාට කලේ දෑස මගේ කෝඩු හිතේ රූපේ ඔබේ
කාටවත්ම නොදුන්න ආදරේ විමානේ
ආදරේට කෝල හිතේ
ජීවිතේම භාර කලේ
අල්ල ගන්න දෑත මගේ
ඉල්ල ගන්න හීන හිතේ
කල් ගෙවන්න කල්පයක්ම
ඔයාගේ තුරුලේ
දෑස් පියා ප්‍රාර්ථනා කලා ඔයා මගේ 
රහස් කියා ගියේ ඔයා හිතත් අරන් වගේ 
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

තුරුළු වෙලා එකම කුඩේ
යන්න ගමන් බිමන් ඔහේ
ජෝඩු දමන් පාර දිගේ
රෝද කඩෙන් කන්න වඩේ 
පුංචි බලාපොරොත්තුවක් හිතේ පිරෙන්නේ
සීතලේට වැස්ස දිගේ
උණූහුමෙ ගුලි වෙලා ඔබේ
යන්න ගමන් ආදරයේ 
ඉන්න බලන් තාම මෙසේ
තාම මගේ වෙච්ච නැති හීන තුරුල්ලේ

පමා වෙලා තවත් මොකද හංගන් ආදරේ
සමාව නම් ලැබෙන්නෑලු කිව්වොතින් හොඳේ
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.