යන්නම් ඔබ ගාවින්yannam oba gaawin

Yannam Oba Gawin

Music:
නිලාන් ප්‍රනාන්දුnilaan pranaandhu
Lyrics:
නිරාන් ප්‍රනාන්දුniraan pranaandhu

Lyrics

හැමදාම ඔබේ හිනාව
දකින්න ආසා කලා
අනේ මගේ ඒ ආසාව
වෙන කෙනෙකුගේ වෙලා

දිවුරලා දුන් පොරොන්දු 
ඉටු කලා නම් මිනිස්සු
ලෝකේ නෑ මං වගේ 
හිනාවෙන් කඳුළු හංගන මිනිස්සු 

යන්නම් ඔබ ගාවින් මං 
ඉන්නෑ කරදරයක් වෙලා 
සත්තයි මං දිවුරන්නම්
යනවා ඔබෙන් ඈත් වෙලා 
ආයේ මගේ හිනාව බලන්න 
ආසා කෙරුවත් ඔයා 
සමාවෙන්න රත්තරනේ 
මං හිඳීවි මේ ලෝකෙන් එහා 

ඔබෙ අත ගන්න මං හීන මවාන 
වටින දේවල් කැප කලා 
දන්නවාද 
පෙනෙනා දේ අතර 
දුක වැඩියෙන් තිබුන 
නොපෙනෙනා දේ තියෙනවා 
තේරුනාද 

දිවුරලා දුන් පොරොන්දු....

යන්නම් ඔබ ගාවින් මං....

ලෝක ස්වභාව බැහැ මට නවත්තන්න 
සිදුවෙනා දේ වේවි 
ආවම වෙලාව 
අපි යලි හමු වෙයිද 
දන්නේ නෑ හරියටම 
හමුවුනොත් එක් වරක් 
හිනැහී බලනවාද

දිවුරලා දුන් පොරොන්දු....

යන්නම් ඔබ ගාවින් මං.... 

ආදරේ නෑ කලේ ඔයා මං වගේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.