යන්නද ඉගිල්ලී yannadha igillii

Yannada Igilli

Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

යන්තම්වත් නොදනි මන් ලං වුනේ 
සිහිනෙන්වත් නොපෙනි මුව ලං කලේ 
යහනෙන් තැන්පත් කල මල් තොලේ 
මයේ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ 
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද 
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද
 
යන්නද ඉගිල්ලී මම යනවා 
කෙහෙරැල්ල සුළගේ දිගේ ඇවිදින් 
කරදර කෙරුවා මම යනවා 
නුබ දුන්නු  හීන මම අරගෙන ...//

නිල් ඇස් උන්නා මා දෙස බලා 
මල් දම් තිබුනා නාදුනනා 
නිල් මානෙල් මල් නම් හින උනා 
හීනෙත් සුවදයි  කිමිදෙනා 
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද 
මන් දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවේද

යන්නද ඉගිල්ලී මම යනවා ...//

මා දන්නා ආදරේ මේ නම් එයයි 
සැබෑවක්ද මේ 
මෙතුවක් ඇයි නොදෙනුනේ කෙතරම් 
මනරම්ද ආදරේ  

යන්නද ඉගිල්ලී මම යනවා ...//
යන්නද ඉගිල්ලී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.