Lyrics
යන්න යද්දී ආදරෙන් සුභ පැතුවේ මා
ආයේ එද්දී ආදරෙන් පිළිගත්තා මා
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා
නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ
ආදරේ වැඩි ඒ තරමට මගේ
ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ
මගේ වෙන්න මේ ආත්මයේ.......
(පන්සලේ පල්ලියේ ඉල්ලුවේ නැතත් ඔයා
ආදරේ මං කරේ ජීවිතේ උකස් තියා.....//)
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා
නෑ හිතෙන්නේ මට වෛරයක් ඔබ කෙරේ
ආදරේ වැඩි ඒ තරමට මගේ
ආත්ම ගාණක් හිමි නැතත් ඔබගේ සෙනේ
මගේ වෙන්න මේ ආත්මයේ.......
(පෙම් කලේ සෑමදා එක්වෙලා ඔබ එක්කලා
ජිවිතේ ආයෙමත් ළංවෙලා ඉන්නයි සිතා.....//)
එහෙමයි ආදරේ නපුරක් නෑ හිතේ
මට සෑමදා වටින්නේ ඔබ තමා.......
යන්න යද්දී.......