යමු යමු පෙරටමyamu yamu peratama

Yamu Yamu Peratama

Lyrics

(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු 
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)

අහසින් මුහුදින් මේ මහා පොළොවෙන් 
එදා වගේ විත් ලයේ ලිය රන්දා 
අපෙ දැය මුදවා රුපු බල බින්දා
එකම රටක් වී දැයක් සිනාසෙන දා

නිදහස් ගී ගැයෙනා අරුණැල්ලේ 
සුරුවිරුකම් දකිනා මොහොතයි මේ 
ජය සක් හඬවා ජය දද නංවා 
රණවිරු සැමගේ අබිමන් වඩවා 
   
(යමු යමු පෙරටම කෙළිබිම ජයගමු 
ජයසක් මැද්දේ ජය පිට ජය ගමු....//)
  
දස්කම් විස්කම් හා සුරුවිරුකම් 
සදා අපේ පින්බිමේ කිරුල දිදුලා 
අපෙ නම සැමදා ලෝ තුල දිනවා 
වීරපුතුන් සේ දැයක් නගා සිටුවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.