Lyrics
(යම ලොව ඉපදුණ හොඳ හොඳ වැඩ දෙන
සොමියට බර අපි සොමිකාරයෝ
ඔබ සැම හඳුනන, නම කිව්වම බය
අපායේ සොමිකාරයෝ අපි සැම......//)
(යේ... අපායේ.... අපේ විමානේ.....//)
බීරි යකා මම අපායේ සිංදු කියන්නා
රීරී යකා සහ දහ අට සන්නි නටන්නා
හැමදෙන නරඹන සුන්දර මම මහසෝනා
කොයි කව්රුත් ආදරෙ මම ඔට්ටි මස්සිනා
ගයාලා වයාලා ජමාරේ දමාලා
අපි දාලා නටමු ඩිංගිසි ඩිංගාරේ
තාම ඉන්නේ සොමියේ අපායේ......
යම ලොව ඉපදුණ.......
යක්ෂයෝ අපි යම පුරයේ නම ගෙනියන්නේ
යක්ෂ පැටව් කිසිදේකට නෑ බය වෙන්නේ
ලෝදිය කටු අතු ගිනිකෙළි හොදට හුරුයිනේ
ඒකයි සැම දිනකම අපි සොමියේ නටන්නේ
ගයාලා වයාලා ජමාරේ දමාලා
අපි දාලා නටමු ඩිංගිසි ඩිංගාරේ
තාම ඉන්නේ සොමියේ අපායේ......
යම ලොව ඉපදුණ.......//