යාගයyaagaya

Yaagaya

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

Lyrics

ආපසු ඔබගේ ආදරයෙන්
කොහොමද හිත රිද්දන්නේ
නැති වූ දේවල් ගැන දුක නෑ
හිස් අහසේ පාවෙන්නේ

දුෂ්කර කාලය අවසානයි
මා මිය ගොස් ඇති බව සත්තයි
මගෙ හිත දැන් හරි නිශ්ශබ්දයි
ඔබ නොදකින මා ඔබ ලඟමයි

ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි

සිහින හරී ලස්සනයි
ගමන හරී දුෂ්කරයි
ආ මග මායේ බරයි
ඈතක මා තනිවමයි

ආදරයේ යාගයයි
මා දන්නේ එක දෙයයි
ආදරයේ…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.