වියෝ ගී ගැයෙනාwiyoo gii gaeyenaa

Wiyo Gee Gayena

Music:
නිමල් මෙන්ඩිස්nimal mendis
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

චිත්‍රපටය: ගැහැණු ළමයි (1978)

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරයේ 
අපේ හමුවීම නොවේ//

අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාථ වූ මා දෑසේ
කතා නිමා වේවී

මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ... 

අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.