විසි වසරක්wisi wasarak

Wisi Wasarak

Music:
දුෂාන් ජයතිලකdhushaan jayathilaka
Lyrics:
ලකී කරුණානායකlakii karunaanaayaka

Lyrics

විසි වසරක් සිත කීවත් ප්‍රථම ආදරේ 
සෙවණැල්ලක් වී පෙර පෙමේ හැඟුම් සාගරේ
ප්‍රථම වරට දුටුව දිනදී දැනුණු ආදරේ
සිර කරගෙන පොදි බැඳගෙන ගෙවුණු ජීවිතේ.......

එක පන්තියේ එක පාසලේ වැඩුණු යෞවනේ
මිතුරාගේ පෙම්වතියට ඇයිද පෙම් කළේ
ඈත දුරක රට රට වල දශක ගත වුණේ
වරින් වරේ හොරෙන් හොරේ ඇයව සිහි වුණේ......

විසි වසරක්......

සිතුවිල්ලක් අරුණැල්ලෙම බැඳුණු ආදරේ
සඟවාගෙන දිවි ගෙව්වෙමි මැණික ඔබ කෙරේ
නොදැනුණාද විසි වසරක් කරපු ආදරේ
පමා වුණත් මම රජ වෙමි ඔබගේ රාජ්‍යෙය්......

විසි වසරක්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.