විඳිමි දඬුවම්windimi dhanduwam

Windimi Dhandhuwam

Lyrics

විඳිමි දඬුවම්
කඩා බිඳ දැමූ වරදකට ගිවිසුම්
ප්රේමයේ ගිවිසුම්
මෙනෙහි කරමින් යටගියාවේ
සොඳුරු සැමරුම්
විඳිමි දඬුවම්

ගලා ගිය ගඟ දිය සිහිල ලැබ
සිතක දාහය නිවාලයි
සිඳී ගිය ගඟ ළවැලි ගිනි ගෙන
සිතක සෙනෙහස දවාලයි
සොඳුරුම අතීතය සිහිනයක් වී
සිතක සෙනෙහස දවාලයි

පලා ගිය කෙවිලිය ගැයූ ගී
තාම ඉහ ඉද්දර ඇසෙයි
අනේ යන තුරු නොවේ සැනසිලි
ඉන්නවා නම් හිත නිවෙයි
කළුවර රැයේ සිබ සිහිනයක් වි
ඉන්නවා නම් හිත නිවෙයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.