විඳගන්න සඳ සිසිලwindaganna sanda sisila

Windaganna Sanda Sisila

Lyrics

විඳගන්න සඳ සිසිල සිත්සේ
නුඹ එන්න සිහිනයට රහසේ
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා

වළාකුළු ඉරාගෙන සඳ ඇවිත් යහන මත
තනි ඇ‍ඳේ සුසුම්ලන හද ගිමන් නිවයි නම්
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා

සඳවතිය වෙලා නුඹ සිරි යහන පුරාවට
රඟ දෙමින් මගේ ලඟ සිත උමතු කරයි නම්
මේ පාළු රෑ මට පාළු නොදැනේ
නුඹ ඒවි නම් සඳ සාවි පායා

විඳගන්න සඳ සිසිල සිත්සේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.