විලේ පිපුණු මලක්wilee pipunu malak

Wile Pipunu Malak

Lyrics

විලේ පිපුණු මලක් ඇතේ
වැලේ පිපිණු මලක් වෙතේ
ඒ මලවත් මේ මලවත්
නෙලා ගන්න ඉඩක් නැතේ

විල ඇත්තේ අඳුරු කැලේ
වැල ඇත්තේ කට අකුලේ
මගේ සිතයි මගේ පයයි
එහි යන්නට බියෙන් සැලේ

මිදුල පුරා සුවඳ පුරා ඇතේ
මල් පිපුණට බමරු නැතේ
විලේ මලයි වැලේ මලයි
තිබෙන සුවඳ පැහැය නැතේ

සිනිඳු සුමුඳු බව පිරිලා
සුවඳ මිහිරි පැණි පිරිලා
නටුවෙන් වත් ගත නොහනා
මොටද එවන් මල් පිපිලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.