විලේ නෙළුම් නෙලන්නට එපාwilee nelum nelannata epaa

Wile Nelum Nelannata

Lyrics

විලේ නෙළුම් නෙලන්නට එපා
අතේ දුරින් පිපෙන්නට එපා
සුසුම් කොදෙව්වේ කුසුම් දනව්වේ
මලේ මිලාන වී යන්නෙපා//

නවෝදයේදී සීත නිශාදයේදී
වසන්තයක් සේ ඈත වනන්තරේදී
පිපී සිනාසී රිදී ජලාසේ//
පිපී සැලෙයි රිදී ජලාසේ//

උදෑසනේදී පිපි සැදෑ සමේදී
මිලාන වී දෝ මලේ කුසුම් කැලේදී
පැතූ සෙනෙහේ සිතුම් ප් ‍රමෝදේ//
මැකී ගියා නුවන් තලාවේ//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.