විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරාwihanga giithaya nihanda aeyi kiyanu maena kodhuraa

Wihaga Githaya Nihada

Lyrics

විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා
නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා
විහග ගීතය නිහඩ සුසුමක නැවතිලා...

ලදළු මැලවී තුරුලතා තැති ගැනී
සිරස සරසන මලක් වත් නැහැ පිපී
අදුර රජ වී අනේ දුනු හී ඇනී
නිහඩ කුටියක විහග ගී ගොලු වුනී...

කදුලු වගුරා පහුරු ගා දෙස් තියා
ප්රගීතයකට කොහොම තැවෙමුද හඩා
පියාබන්නට නාද දී නිදහසේ
විහග ගීතය මුදා ගෙන එමු සදේ.

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.