විඳින්න හිමි වූ ජීවිතේwindinna himi wuu jiiwithee

Widinna Himi Wu Jeewithe

Music:
තුසිත් නිරෝෂණthusith nirooshana
Lyrics:
අනෝමා විජේවර්ධනanoomaa wijeewardhhana

Lyrics

(විඳින්න හිමි වූ ජීවිතේ විඳවන්නේ සුසුම් දිගේ 
කරදර ඇවිදින් කරදර කරන තුරු ඉතින් හිනැහී යමු අපි...//)
(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා//)

හඬන්න සිතෙනා මොහොතක ළං වෙන්න දෑසට මාගේ
සිනහා මුව ඔබට දෙනවා මගේ කඳුළු අරගෙන ඔය දෑසේ
දිනන්නට සිතනා මොහොතක පරදවා සිතුවිලි මාගේ
තුන් සිතම ඔබට දෙනවා මම ජීවිතය ඔබමයි මාගේ...

(සෙනෙහස මානේ හසරැලි ගේනා මල් කැකුලියක් සුපිපෙනා//)

විඳින්න හිමි වූ ජීවිතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.